නව තානාපතිවරුන් හත් දෙනකුට අනුමැතිය

November 10, 2020 at 9:47 am | LankaTAB

තානාපතිවරුන් හත් දෙනෙකු සඳහා අනුමැතිය, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් ලබා දී තිබෙනවා.

රජය විසින් නව තානාපතිවරුන් හත්දෙනෙකු සඳහා වන නම් මෙම කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබුණ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කරනවා.

එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙසත් , සී.ඒ.අයි. කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසත්, එස්.ඩී.කේ සේමසිංහ මෙනෙවිය පෝලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසත් පත්විමට අදාළ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අමතරව අහමඩ් ඒ ජවාඩ් මහතා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසත්, අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසත්, දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසත්, එම්.කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසත් පත්වීමට අදාළ අනුමැතිය මෙහිදි හිමි වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය වැඩිදුරටත් සදහන් කළා.

Leave a Comment

Related News