COVID-19 ආසාදිත විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයින් 98ක් මියයයි

November 12, 2020 at 8:17 am | LankaTAB

විදේශ අමාත්‍යාංශය සඳහන් කල ආකාරයට Covid-19 ආසාදනය වීම හේතුවෙන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය

ඒ අනුව මිය ගිය ශ්‍රී ලාංකිකයන් මිය ගිය රටවල් වන්නේ
සෞදි අරාබියේදී 35
කුවෙට්හි දී 21
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 10
කටාර්හිදී 6
බ්‍රිතාන්‍යයේ දී 5
අමෙරිකාවේදී 4
කැනඩාවේදී 4
මීට අමතරව
බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින්ද  ඊශ්‍රායලයේදී  එක් ශ්‍රී ලාංකිකයෙකු ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Comment

Related News