අද සහ හෙට මගී දුම්රිය ධාවනය නොවේ.

බස්නාහිර පළාත තුළ කොවිඩ් – 19 අසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීමත් සමඟ හෙට මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම් කර තිබෙනවා.
පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් අද සහ හෙට දෙදින තුළ මගී දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.