යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා

November 14, 2020 at 9:11 am | LankaTAB
යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා

ඊයේ රාත්‍රී වඩුක්කෝඩෙයි කුඩාගනේ ප්‍රදේශයේදී මෙම ඝාතනයන් සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

56 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව සදහන්.

දෙපිරිසක් අතර කලක සිට පැවැති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනයන් සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙම ගැටුම සදහා පුද්ගලයින් 15 දෙනෙකු පමණ සහභාගී වි ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වඩුක්කෝඩෙයි පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Comment

Related News