ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක්.

දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් උතුර, උතුරමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ බේරුවල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර් 70ත් 80ත් දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිමේ හැකියාවක් පවතින බව ද සදහන්.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල නිරතවිමේදී අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.