ආණ්ඩුවේ රැකියා දීමේ වැඩසටහනත් පුස්සක්. විපක්ෂ නායක සජිත් තිස්සමහාරාමයේදී කියයි

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ සහමුලින්ම පුස්සක් බවට පත්ව ඇති බවත්, පෞද්ගලික අංශයේ රැකියා කරමින් සිටි උපාධිධාරීන් දස දහසක් රජයේ රැකියා බලාපොරොත්තුවෙන් පැමිණ ඒවා අහිමිවීමෙන් අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔවුන් සිය පෞද්ගලික අංශයේ රැකියාව අතහැර රාජ්‍ය අංශයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් පැමිණියේ ආණ්ඩුවේ ඉල්ලීම මත බවත් අද ඔවුන්ට රජයේ රැකියාවත්, තමන් කරමින් සිටි පෞද්ගලික අංශයේ රැකියාවත් යන දෙකම අහිමි වී ඇති බවත් ජන සමාජයේ බුද්ධිමත්, තරුණ පරපුර මෙලෙස රැවටීමට ලක් කිරීම පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළකරන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ වහාම ඔවුන්ට රැකියා ලබාදීමට කටයුතු කරන ලෙසයි.