නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

කොට්ටාව, පැලැන්වත්ත ජල පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 09.00 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.
හෙට රාත්‍රී 09.00 සිට 18 වන බදාදා පෙ.ව 07.00 දක්වා පැලැන්වත්ත, ඇරව්වල, සිද්දමුල්ල, පිංහේන හංදිය, ගොරකපිටිය පාර, මොරකැටිය පාර සහ නිවත්තිඩිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර
වාද්දූව, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ද හෙට පෙරවරු 08.00 සිට පැය 11කට අධික කාලයක් ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.
වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන, නාගොඩ, බෙන්තොට, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශවලට හෙට පෙරවරු 08.00 සිට රාත්‍රී 07.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා.