විස්සයි විස්ස තරඟාවලි ජය පාකිස්තානයට
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම පරදවා දෙවැනි විස්සයි විස්ස තරඟ ය කඩුලු 8න් ජයගැනීමට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (08) සමත් විය.
රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ පැවති එම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිට පන්දු වාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.
ආර් පී බර්රි නොදැවී ලකුණු 32යි.
උස්මාන් කදීර් පාකිස්තාන කණ්ඩායමේ හොඳම පන්දුයවන්නා වුවේ ලකුණු 23කට කඩුලු 3ක් ලබාගනිමිනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 15.1කදී කඩුලු 2ක් දැවී ලකුණු 137ක් ලැබීය.
නායක බාබාර් අසාම් ලකුණු 51යි. හයිඩර් අලි නොදැවී ලකුණු 66යි.
ඒ අනුව තරඟ 3න් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2 – 0ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත් වී තිබේ.