අමාත්‍ය මණ්ඩල තීරණ 2020 11 16

ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ ඒ ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.
ඩිජිටල් ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සවිබල ගැන්වීමට පියවර.
අවි ආයුධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබෙයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා ගාස්තු අයකිරීමේ ක්‍රියාවලියට අදාලව රෙගුලාසි සංශෝධනයට පියවර.
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා බිම් කොටසක් අත්පත් කර ගැනීමට තීරණය කරයි.
බහු කාර්ය සංවර්ධන කාර්ය සහායකවරුන් පුහුණු කිරීමේ යෝජනාවට අනුමැතිය ලැබෙයි.
ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.
රාජ්‍ය අංශයේ සේවක ආරවුල් විසඳීම සඳහා බේරුම්කාර යාන්ත්‍රනයක් හඳුන්වාදීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කරයි.
විදෙස් වැඩසටහන් සම්ප්‍රේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ එන් කොම්පාස් digital media services limited london අතර ගිවිසුමකට එළඹීමට අනුමැතිය.
ගිං සහ නිල්වලා ගංගාවන්ගේ ජලය ප්‍රශස්ත ලෙස භාවිතය සඳහා යෝජිත ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර.
පාසල් හා පෙර පාසල් වහල සෙවිලි කිරීමට ඇස්බැස්ටෝස් වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතයට පියවර.
ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සහ ඉන්දියාවේ හිමාලයානු ජෛව සම්පත් තාක්ෂණ ආයතනයේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ පිළිබඳ කවුන්සිලය අතර අවබෝධතා ගිවිසුමක්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු සහ හදිසි ප්රතිචාර නැවක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබේ.