ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා.
ඒ අනුව වරාය අධිකාරිය සපයනු ලබන සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සිදුකළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත්තේ.