අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

November 21, 2020 at 8:50 am | LankaTAB
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර,මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දීත් සිහින් වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Comment

Related News