පාර්ලිමේන්තු සභාව කාතානායකගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ රැස්වේ.

පාර්ලිමේන්තු සභාව කාතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස , ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා,පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභාව නියෝජනය කරනවා.
අභියාචනාධිකරණයේ ඇති වී තිබෙන පුරප්පාඩු සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති නාම යෝජනා සහ පොලිස්පති තනතුර සදහා සිදුකර ඇති පත්කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු කිරිමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.