Covid-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ සම්බන්ධ විශේෂඥ කමිටුවේ මූලික තිරණය

Covid-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතුද භූමදානය කළ හැකිද යන්න සමාජයේ කතාබහට ලක්වූ කාරණයක් ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් පත්කරන ලද විශේෂඥ කමිටුව සිය මූලික තීරණය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබෙනවා.
එම කමිටුව දන්වා ඇත්තේ එම දේහ සම්බන්ධයෙන් කළ යුතු දේ සම්බන්ධයෙන් තම නිර්දේශ දෙනතුරු එම දේහයන් අදාහනය කරන ලෙසය. එම කරුණ සම්බන්ධයෙන් අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ඒ හා සම්බන්ධ සියලු කරුණු විශ්ලේෂණය කළ යුතු බව එම කමිටුව සදහන් කළා.