රාගම රෝහලේ දී මියගිය බන්ධනාගාර රැඳවියාට Covid-19

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති මහර බන්ධනාගාරයේ 82 හැවිරිදි රැඳවූවෙකුට Covid-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා.පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.