පාසල් සිසුවාට වෙඩි තැබු වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

මහරගම ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ දී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද දිනයේ දී සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් තුමා නියෝග කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගතකළ සැකකරු මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකි.