අද දිනයට අදාළ කාළගුණ අනාවැකිය

November 24, 2020 at 7:06 am | LankaTAB
අද දිනයට අදාළ කාළගුණ අනාවැකිය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර 280 දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 24ක කාලය තුළ එය චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එමෙන්ම එය ඉදිරි පැය 48ක කාලය තුළ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.

එබැවින් උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රෙද්ශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

Leave a Comment

Related News