විල්සන් කරු අත්අඩංගුවට ගත් හේතුව නි. පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කරයි.

November 24, 2020 at 6:16 pm | LankaTAB
විල්සන් කරු අත්අඩංගුවට ගත් හේතුව නි. පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කරයි.

ප්‍රවීන නළු විල්සන් කරු මහතා පසුගියදා අත්අඩංගුවටගනු ලැබුවේ ඔහු පොලිස් නිලධාරියෙකුට පහරදුන් නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ මහතාව පසුගියදා කිරුළපන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර
එහිදී ඔහු මුඛ ආවරණයක් නොපැළඳ සිටීම පිළිබඳ ව පොලිස් නිලධාරියෙක් විමසා ඇති අතර එහිදී විල්සන් කරු මහතා විසින් එම පොලිස් නිලධාරියාගේ කම්බුලට පහරක් එල්ලකර තිබෙනවා.

එය, අසල සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් ගේ සාක්ෂිවලින් එය තහවුරු වූ බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී, රුපියල් 5000ක පුද්ගලික ඇපයක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය නඩුව එළඹෙන පෙරවාරි 16 වැනිදා යළි කැඳවීමට නියම කළා.

Leave a Comment

Related News