පාසලක 12 වන ශ්‍රේණියේ සිසුවෙකුට Covid-19 ආසාදනය වේ.

November 26, 2020 at 12:47 pm | LankaTAB
පාසලක 12 වන ශ්‍රේණියේ සිසුවෙකුට Covid-19 ආසාදනය වේ.

වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට Covid-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඉකුත් අඟහරුවාදා දිනයේ සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර ඊයේ දිනයේ එම සිසුවා පාසලට පැමිණ ඇතත් පාසල් බලධාරීන් ඔහුව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබුණා.

මේ අතර බස්නාහිර පළාතේ සහ හුදකලා කෙරුණු ප්‍රෙද්ශවල හැර සෙසු ප්‍රෙද්ශවල 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අද සිව්වන දිනටත් පැවැත්වුණා.

Leave a Comment

Related News