බදුල්ල-මහියංගනය මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදි බස් රථ අනතුරක්.

බදුල්ල-මහියංගනය මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදි සිදුවූ බස් රථ අනතුරකින් කාන්තාවන් 06 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබු භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පැවසුවා.