අදත් Covid-19 ආසාදිතයින් 251 ක්.

අද තවත් Covid-19 ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ සමග මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,279 දක්වා ඉහළ යනවා.
ඒ අතරින් පුද්ගලයින් 16,226 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5954 ක්.