මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩී.ඩී මහත්මිය අගමැති හමුවේ.

මෙරට සංචාරයක නිරත මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩී.ඩී මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.
එහිදී මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුළු නීතිවිරෝධී ජාවාරම් මර්ධනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය, ත්‍රස්තවාදය හා අන්තවාදය සහ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එම හමුවට මාලදිවයිනේ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් මතීන්, ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ මහකොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.