බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්.

November 29, 2020 at 7:08 am | LankaTAB
බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින අතර,

ඌව, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතැම් ප්‍රදේශවල මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකි බවත්
නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Comment

Related News