ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු උනා.
ජනාධිපතිතුමා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් බෙහෙවින් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවත්
ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සාකච්ඡාවට භාජන වූ ප්‍රධාන මාතෘකා වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.