පොලිස්‌ නිලධාරියා හප්පා ගිය ටිපර් රථය සොයා ගනී

November 29, 2020 at 12:33 pm | LankaTAB
පොලිස්‌ නිලධාරියා හප්පා ගිය ටිපර් රථය සොයා ගනී

දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමට යෙද වූ ටිපර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් පත් කර තිබෙනවා.

අනතුර සිදුකළ ටිපර් රථය අතහැර දමාගොස් තිබියදී අද පෙරවරුවේ සොයා ගැනුණු අතර පළාගිය එහි රියදුරු මේ වනවිටත් හදුනාගෙන ඇති බවයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

අනතුරින් මියගියේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ නිකවැරටිය අඹගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් වන 32 හැවිරිදි නදීප් ආකාෂ් රත්නායක නම් පොලිස් කොස්තාපල්වරයාය.

Leave a Comment

Related News