දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා දැමේ.
දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා.
පාසල්වලට කොවිඩ් ආසාදිතයින්ගේ දරුවන් පැමිණිය හැකි බැවින් දඹුල්ල කොට්ඨාසය තුළ ඇති සියලු පාසල් මෙලෙස වසා තැබීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.
මීට අමතරව ගලේවෙල කොට්ඨාසයේ ගල්කිරියාගම පාසල ද වසා දැමීමට තීරණය කර තිබෙනවා.