Covid-19 නසන්නට හැකි හෙළ ඔසුවක් – මුලික පරීක්ෂණ සාර්ථකයි
කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
මෙම ඖෂධය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකල මූලික පර්යේෂණ මට්ටම් දෙකකදී 100% ප්‍රතිශතයකින් කොවිඩ් රෝගීන් සුවය ලබා ඇති බව පර්යේෂණය සිදුකළ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙනවා.
ඒ අනුව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූල බණ්ඩාර මහතා, කොවිඩ් ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාර මහතා සහ කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකොන් මහත්මියගේ මැදිහත්වීමෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 140 දෙනෙකු සම්බන්ධ කරගනිමින් පළමු පර්යේෂණය ආරම්භ කර තිබුණා.