අද කාළගුණ තත්ත්වය

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතිනවා.
ඉදිරි දින කිහිපයේ දී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන අතර
උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ප්‍රදේශවලට මි.මී 50 පමණ තද වැසි ඇති විය හැකිය.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මී 30 – 40 පමණ දක්වන වන සාමාන්‍ය තද වැසි ඇති වේ.