අමෙරිකාවෙන් වාර්තා වූ ඉහළම ළමා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වේ.
පසුගිය සතිය තුළදී අමෙරිකාවේ ළමුන් 74,000කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසංගත ව්‍යාප්තිය තුළ එක් සතියකදී වාර්තා වූ ඉහළම ළමා ආසාදිතයන් සංඛ්‍යාව මෙය බව ළමා රෝග පිළිබඳ අමෙරිකානු ඇකඩමිය පෙන්වාදෙයි.
අමෙරිකාවේ සමස්ථ ආසාදිතයන් අතරින් සියයට 11 ඉක්මවූ ප්‍රතිශතයක් ළමුන් බවද එම ආයතනය සඳහන් කරයි.
කෙසේවෙතත් මේ වන විට අමෙරිකාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 10,421,956ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාවේ මෙතෙක් සිදුව ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 244,448ක් වන විට තවත් පුද්ගලයින් 6,552,610ක් පුර්ණ සුවය ලබා ඇත.