ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 30 දෙනෙකු මරුට.
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් එරට හමුදා සාමාජිකයින් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකර ඇති බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සැක පළ කරනවා