ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහල් පුතු නිරෝධායනයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්
මේ වනවිට ඔහු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව සඳහන් වෙනවා.කෙසේ නමුත් ඔහුට සම්පූර්ණයෙන්ම Covid-19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුගිය දා කොවිඩ් ආසාදිත බවට තහවුරු වු අතර, ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට හා ඔවුන්ගේ බාල පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී තිබුණා.