දුප්පත් ජනතාවට කොවිඩ් එන්නත් ගැනීමට හැකි වෙයිද?
කොවිඩ් එන්නත් බෙදාහැරීමේ දී ලොව දුප්පත්ම සහ අවදානයට ලක්විය හැකි ජනතාව තලාපෙළා පාගා නොදැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සදහන් කරනවා.
සාර්ථක එන්නත් සමාන ලෙස ලෝකයේ රටවල් අතර බෙදී යා යුතු බවත් එවැනි ක්‍රියාවලියක් සඳහා ඩොලර් බිලියන 4.3ක් අවශ්‍ය බවටත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ වනවිට එන්නත් 4ක් නිපදවා ඇති අතර ඒවා අවසාන අදියරේ අත්හදාබැලීම්වලට ලක්කරමින් පවතිනවා.