මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ.
ඊයේ (08) පැවැති ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵලය අනුව අවුන් සාන් සු කී යළි ජයගනු ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු ආසන සහ කලාපීය සභා 1,117ක් සදහා නියෝජිතයින් තෝරාගැනිම වෙනුවෙන් මෙවර මියන්මාරයේ ඡන්දදායකයින් මිලියන 37.3ක් ඡන්දය භාවිතකිරිම සඳහා සුදුසුකම් ලබා සිටි අතර මේ සදහා දේශපාලන පක්ෂ 91ක අපේක්ෂකයින් 5,639 දෙනෙකු මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටීනවා.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ වුවද විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර ඇති බව එරට මැතිවරණ කොමිසම පවසනවා.