රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ට වරමක්

November 19, 2020 at 8:16 am | LankaTAB
රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ට වරමක්

පසුගිය ජුලි මාසයේ පැවති ජනමත විචාරණයෙන් අනුමත වූ ව්‍යවස්ථා සංශෝධනයට අයත් පනතක් අනුව රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහාය හිමි වී තිබෙනවා.

මෙම පනතට අනුව, පුටින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවෙකුට හැකි වන්නේ නෑ.

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය පවතින්නේ ජනාධිපති පුටින් සතුවයි.

68 හැවිරිදි ජනාධිපති පූතින් ගේ හතරවැනි ධුර කාලය අවසාන වන්නේ 2024දී ය. එමෙන්ම තවත් වාර දෙකක් සඳහා තරග වැදීමට ඔහුට වරම් තිබෙනවා. මේ වන විට ඔහු වසර 2000 පටන් බලයේ සිටී.

කිසිදු අපරාධයකට මින් පසුව, හිටපු ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට බලයක් නොමැත. සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට හෝ ඔහු සතු දේපලක් රාජසන්තක කිරීමට නීතියෙන් අවකාශ හිමිවන්නේ නෑ.

එමෙන්ම, රාජද්‍රෝහී ක්‍රියාවක් හෝ සුවිශේෂී තත්වයන් යටතේ සිදු කළ අපරාධයකදී හැරෙන්නට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සිදු කරනු ලබන කිසිදු අපරාධයකට එරෙහිව නඩු පැවරිය නොහැකි වෙනවා.

Leave a Comment

Related News