අගමැතිතුමන්ගෙන් 2021 වසරට සුභ පැතුම්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සුරක්ෂිත දේශයක් වෙනුවෙන් මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බවයි.
නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුව ද එම කාලය ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් යෙදවීමට හැකි වීම අභිමානයක් බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළා.
නව වසරේ රට හමුවේ ඇති අභියෝග එක්ව ජයගත හැකි බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා දේශීයත්වයට මුල්තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විකල්පයක් රට තුළ ඇති වන බව ස්ථිර බව ද සදහන් කර තිබෙනවා.