අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක් පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලකට

January 3, 2021 at 12:47 pm | LankaTAB
අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක් පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලකට

අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක් පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන්කළේ, සතොස, සමූපකාර සහ කිව් ෂොප් ජාලය හරහා මෙම ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින් වෙත ලබාදෙන බවයි.

ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්, ළුණු, ආර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ස්ථාවර මිලක් යටතේ ලබාදීමට නියමිතයි.

දේශිය නිෂ්පාදකයන්ගෙන් හා ඍජු ආනනයනකරුවන්ගෙන් ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිලකට ලබාගෙන ස්ථාවර මිලක් යටතේ පෙබරවාරි මාසයේ සිට ජුනි මස දක්වා මාස 06 ක කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වෙළද අමාත්‍යාංශය සදහන් කළා.

Leave a Comment

Related News