අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවසට වැසි

බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අද සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තරමක තද වැසි ඇතිවිය අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.