අදත් Covid-19 ආසාදිතයින් 485 දෙනෙකු සුවය ලබයි.
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් තිබෙනවා.
අද දිනයේ ද කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 485 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 15,447 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරටින් කොව්ඩ් නයින්ටීන් ආසාදිතයින් 20,967 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයින් 5426 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.