අදත් Covid-19 ආසාධිතව මරණ 05ක්

November 15, 2020 at 8:55 pm | LankaTAB
අදත් Covid-19 ආසාධිතව මරණ 05ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරන ලද Covid-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණ 5ක් වාර්තා වේ.

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දීර්ඝ කාලයක සිට පෙළුණු පිළිකා රෝගය covid 19 ආසාදනය හේතුවෙන් උත්සන්න වීමයි. මීට අමතරව කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු covid ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ පිළිකා රෝගය සහ covid නියුමොනියා තත්ත්වයයි.

තුන්වෙනි මරණය ලෙස කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අසූ අට හැවිදිරි පිරිමි පුද්ගලයෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ covid 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයක්
කොළඹ 8 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි හැත්තෑ නමය හැවිදිරි පිරිමි පුද්ගලයෙකු නිවසේ දී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ Covid-19 ආසාදනය හේතුවෙන් නිදන්ගත පෙනහළු රෝගයෙන් උත්සන්න වීමයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ covid 19 ආසාදනය සහ හෘදයාබාධයක් වැළඳී ම වේ

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන COVID-19 රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58,ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි

Leave a Comment

Related News