අද කාලගුණය
දිවයිනේ නැගෙනහිර පළාතේ සහ යාපනය, මුලතිව්, කිලිනොච්චි, හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවලට වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තතමේන්තුව සඳහන්කළේ , බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.