අද කාළගුණ තත්ත්වය
මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වී එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර අද දිනයේ යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල විශේෂයෙන්ම උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.