අද දිනයේ කාළගුණ තත්ත්වය

December 29, 2020 at 11:59 am | LankaTAB
අද දිනයේ කාළගුණ තත්ත්වය

උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 01.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Comment

Related News