අද දිනයේ කාළගුණ තත්ත්වය
දවයිනේ උතුර, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට අද දිනයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන්කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කළේ, දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.