අද දිනයේ කාළගුණ තත්ත්වය

December 15, 2020 at 9:34 am | LankaTAB
අද දිනයේ කාළගුණ තත්ත්වය

අද දිනයේ දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් පමණ වනවා.

ත්‍රිකුණාමලය සිට යාපනය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යාමට හැකියාවක් ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Comment

Related News