අද දිනයේ කාළගුණ තත්ත්වය

December 20, 2020 at 9:49 am | LankaTAB
අද දිනයේ කාළගුණ තත්ත්වය

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනූව උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් අද විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල,මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර පළාතේ සහ මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට පැයට කිලෝ මිටර් 50 ක් පමණ දක්වා වන තරමක් තදසුළං ද ඇතිවිය හැකියි.

Leave a Comment

Related News