අද රාත්‍රී 7-10 අතර නැගෙනහිර වෙරළ තීරයෙන් ‘බුරවි’ සුළි කුණාටුව දිවයින තුළට

December 2, 2020 at 6:49 pm | LankaTAB
අද රාත්‍රී 7-10 අතර නැගෙනහිර වෙරළ තීරයෙන්  ‘බුරවි’ සුළි කුණාටුව දිවයින තුළට

පැයට කිලෝමීටර 80 ත් 90 ත් අතර වේගයකින් යුත් මෙම සුළි කුණාටුව කිලෝමීටර 100 ක් දක්වා වේගයෙන් දිවයිනේ බටහිර දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර හෙට දින උදෑසන වන විට මන්නාරම් බොක්ක වෙත ලඟාවීමට නියමිතය.

අද (දෙසැම්බර් 02) රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා වූ කාලසීමාවේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා ‘බුරවි’ සුළි කුණාටුව හමා යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

මේ හේතුවෙන් වඩදිය බාදිය මීටර් 1 ක් පමණ උසින් යුතුව පැමිණේ. ඒ නිසා ත්‍රිකුණාමලයේ සිට කන්කසෙන්තුරෙයි දක්වාත්, පූනේරින් සිට පුත්තලම් දක්වාත් විහිදෙන පහත්බිම් වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවීමට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

Leave a Comment

Related News