ඉරිදා මධ්‍යම රාත්‍රී වන තෙක් බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රී වන තෙක් බස්නාහිර පළාතෙන් පිටවීමට කිසිවෙකුටත් අවසර හිමිනොවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පවසා ඇත.