අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

අපවත් වි වදාළ ශ්‍රි ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කිරිමට නියමිතව තිබෙනවා.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද (22) දහවල් 12 සිට මෙම වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවයි.