අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි නම්කර තිබෙනවා.
ජාතික මැතිවරණ කොමිසම පවසන්නේ ඒ අනුව රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගත් බව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කිරිමට පියවර ගත් බවයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතු අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මීට ටික වේලාවකට පෙර නිකුත් කර තිබෙනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වු අතර ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජික ස්වාමීන් වහන්සේ කිහිප නමක් අතර අර්බුදකාරි තත්වයක් හටගෙන තිබුණා.