අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද..

November 19, 2020 at 8:55 am | LankaTAB
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද..

මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාවේ දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි.

පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙයි. එදින පස්වරු 05.00 ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

Leave a Comment

Related News