ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

November 29, 2020 at 7:17 am | LankaTAB
ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

එමෙන්ම කඨින මාසය අවසන් වීමෙන් පසු සිදුකරන කථින චීවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය වන්නේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනයි.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් කඨින චීවර පුජා පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකළ යුතු බව මහා සංඝරත්නය මහජනතාවට දැනුම් දෙනවා.

Leave a Comment

Related News